20-20 පිටියේ සුපිරි වාර්තාවක් ද සමඟ පන්ජාබ් රජවරුගෙන් කොල්කටා නයිට්වරුන්ට දරුණු ප්‍රහාරයක්

අයි.පී.එල් තරගාවලියේ තවත් තියුණු තරගයක් ඊයේ (26) රාත්‍රියේ කොල්කටා හි ඊඩ්න් ගාර්ඩ්න් පිටියේ දී පැවත් වුණා.

ජගත් විස්සයි විස්ස පිටියේ සුපිරි වාර්තාවක් ද සමඟින් මෙම තරගය ජයගැනීම පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ, විස්සයි විස්ස තරග ඉතිහාසයේ සාර්ථකම හඹායෑම සනිටුහන් කරමින්.

ජනප්‍රිය බොලිවුඩ් නළු ශාරුක් ඛාන් හිමිකාරිත්වය දරණ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ බොලිවුඩ් නිළි ප්‍රීති සින්ටාගේ හිමිකාරිතත්වයෙන් යුත් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර පැවති මෙම තරගයෙන් පන්ජාබ් ක්‍රීඩකයින් ජයගත්තේ කඩුලු 08කින්.

මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් කොල්කටා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී 261ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ඒ, අනුව මෙම තරගය ජයගැනීමට පන්ජාබ් ක්‍රීඩකයින්ට පන්දු 120ක් තුළ හිමි වූ ඉලක්කය ලකුණු 262ක්.

එම ඉලක්කය හඹා ගිය පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 04ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යමින් සුපිරි ජයක් හිමිකර ගත්තා.

එහිදී පන්ජාබ් කණ්ඩායමට ගෞරවාන්විත ජයක් උරුමකර දුන් ආරම්භක පිතිකරු ජොනී බෙයාස්ටෝව් පන්දු 48ක් තුළ නොදැවී ලකුණු 108ක් රැස්කිරීමට සමත් වුණා.

ඊට අමතරව ආරම්භක පිතිකරු ප්‍රබ්සිම්රන් සිං වේගවත් ලකුණු 54ක් සහ පන්ජාබ් කණ්ඩායමේ ජයග්‍රහණය වේගවත් කළ ශෂාන්ක් සිං පන්දු 28ක් තුළ නොදැවී ලකුණු 68ක් රැස් කළා.

ඒ, අනුව මෙම තරගය විස්සයි විස්ස තරග ඉතිහායේ සාර්ථකම හඹායාම සනිටුහන් කරමින් පන්ජාබ් ක්‍රීඩකයින් ජය හිමිකර ගත්තා.

මේ අතර ඊයේ තරගයේ දී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් අයි.පී.එල් වරම් හිමිකර ගත්තා.

පන්දුවාර 03ක් යැවූ චමීරට එරෙහිව ලකුණු 48ක් රැස්කිරීමට පංජාබ් පිතිකරුවන් සමන්ත වුණා.

තරගයේ විශේෂ අවස්ථා මෙතැනින් නරඹන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22