හොංකොං සික්සස් ශූරතාව පාකිස්ථානයට

දින තුනක් පුරා දිග හැරුණු හොංකොං සික්සස් ක්‍රිකට් තාරගාවලියේ ශූරතාව දිනාගන්නට පාකිස්ථාන කණ්ඩායමට අද (09) හැකියාව ලැබුණා.

ඒ, අවසන් මහා තරගයේ දී කුවේට් කණ්ඩායම ලකුණු 44කින් පරාජය කරමින්.

අවසන් මහා තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 06 තුළ ලකුණු කඩුලු 03ක් දැවී ලකුණු 135ක් රැස් කළා.

අනතුරුව ලකුණු 136ක ඉලක්කයක් හඹා ගිය වේට් කණ්ඩායමට පන්දුවාර පහයි එක් පන්දුවක් තුළ කඩුලු හයම දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 92ක් පමණයි.

ඒ අනුව මෙම තරගය ලකුණු 44කින් ජයගත් පාකිස්ථාන කණ්ඩායම මෙවර හොංකොං සික්සස් ක්‍රිකට් තාරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කළා.

මෙවර තරගාවලියේ බඳුන ශූරතාව දිනා ගැනීමට ෂර්ටි ලංකාවට හැකියාව හිමි වූ අතර, පලිහ ශූරතාව සත්කාරක හොංකොං කණ්ඩායම ජයග්‍රහණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?