හොංකොං සික්සස් ක්රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ශ්රී ලංකාව මුහුණ දුන් පළමු තරගය ජයගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
ඒ, මෙම තරගයේ දී ශ්රී ලංකා කණ්ඩායමේ ප්රතිවාදීන් වූ නේපාල කණ්ඩායම ලකුණු 40කින් පරාජය කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකාව නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 02ක් දැවී ලකුණු 123ක් ලකුණු පුවරුවට එක් කළා.
එහිදී සඳුන් වීරක්කොඩි පන්දු 14ක් තුළ ලකුණු 51ක් රැස්කළ අතර, ළහිරු මධුසංක පන්දු 08ක් තුළ ලකුණු 31ක් රැස් කළා.
අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ නේපාලයට නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 06ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 83ක් පමණයි.
ඒ, අනුව මෙම තරගය ලකුණු 40කින් ජයගත් ශ්රී ලංකාව තරගාවලියේ මීළඟ අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සුදුකම් ලබා ගත්තා.