හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගැනුණු විදුහල්පතිවරයාගේ වැඩතහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර තිබෙනවා.
ආයතන සංග්‍රහයේ වගන්ති යටතට ගැනෙන වරදක් සිදුකර ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලිපියක් යොමුකරමින් අදාළ විදුහල්පතිවරයාට දැනුම් දී ඇත්තේ.
එමෙන්ම වැඩ තහනමට ලක්ව සිටින කාල සීමාව තුළ විදෙස්ගතවීමට අවසර නොමැති බවත්, එම කාල සීමාව තුළ වැටුප් හා අනෙකුත් දීමනා නොලැබෙන බව ද එම ලිපියේ දැක්වෙනවා.
එප්පාවල, කටියාව, යාය 10 ප්‍රදේශයේ ප්‍රථමික පාසලක විදුහල්පති ලෙස කටයුතු කළ මෙම පුද්ගලයා හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට ලැබුණු තොරතුරක් මත සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් එකකට වැඩි ප්‍රමාණයක් සමඟ පසුගිය දා අත්අඩංගුවට ගැනුණා.
මෙම විදුහල්පතිවරයා පෑලියගොඩ නගර සභාවේ ජාතික ජනබලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා ද වනවා.





