හෙරොයින් සමඟ ඇල්ලූ විදුහල්පතිගේ වැඩ තහනම්

හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගැනුණු විදුහල්පතිවරයාගේ වැඩතහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර තිබෙනවා.

ආයතන සංග්‍රහයේ වගන්ති යටතට ගැනෙන වරදක් සිදුකර ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලිපියක් යොමුකරමින් අදාළ විදුහල්පතිවරයාට දැනුම් දී ඇත්තේ.

එමෙන්ම වැඩ තහනමට ලක්ව සිටින කාල සීමාව තුළ විදෙස්ගතවීමට අවසර නොමැති බවත්, එම කාල සීමාව තුළ වැටුප් හා අනෙකුත් දීමනා නොලැබෙන බව ද එම ලිපියේ දැක්වෙනවා.

එප්පාවල, කටියාව, යාය 10 ප්‍රදේශයේ ප්‍රථමික පාසලක විදුහල්පති ලෙස කටයුතු කළ මෙම පුද්ගලයා හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට ලැබුණු තොරතුරක් මත සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් එකකට වැඩි ප්‍රමාණයක් සමඟ පසුගිය දා අත්අඩංගුවට ගැනුණා.

මෙම විදුහල්පතිවරයා පෑලියගොඩ නගර සභාවේ ජාතික ජනබලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා ද වනවා.

  1. එතුමා තාම වැරදි කාරයෙක් කියල අධිකරණයෙන් තීන්දු කරල නැහැනේ.. පව් වැඩ තහනම් කරපු එකට. අසරණ මනුස්සයා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42