මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ප්‍රසිද්ධ කවිබණ දේශකයාණන් වහන්සේ නමක් පොලිස් දැලේ

ප්‍රසිද්ධ කවිබණ දේශකයාණන් වහන්සේ නමක් වන ගනේකන්දේ චන්දරතන හිමි හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම හිමිනම වාසය කළ අලව්ව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානය තුළ දී මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (16) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර හිමිනම සමඟ තවත් දෙදෙනෙක් ද මෙහිදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු හිමිනම දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

ඊට අමතරව මේ වනවිට ඉතාලියේ සිටින මිනුවන්ගොඩ නේවි දිනේෂ් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇත්තේ ද සැකකාර හිමිනම බවටයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී හිමිනම සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 28කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

නේවි දිනේෂ් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය සිවුරේ පාටට කුඩා පැකට්වලට ඇසුරුම් කර ඒවා මත්ලෝලීන් වෙත බෙදාහැරීම ද සැකකාර හිමිනම විසින් සිදුකරගෙන ගොස් තිබෙනවා.

මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමනායක මහතාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර හිමිනම සහ අනෙකුත් සැකකරුවන් දෙදෙනා ඉදිරි විමර්ශන කටයුතු සඳහා අලව්ව පොලිසිය වෙත භාර දී ඇති අතර, සැකකරුවන් අද (17) පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
61
+1
214
+1
56
+1
68
+1
17
+1
65
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?