මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ප්‍රසිද්ධ කවිබණ දේශකයාණන් වහන්සේ නමක් පොලිස් දැලේ

ප්‍රසිද්ධ කවිබණ දේශකයාණන් වහන්සේ නමක් වන ගනේකන්දේ චන්දරතන හිමි හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම හිමිනම වාසය කළ අලව්ව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානය තුළ දී මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (16) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර හිමිනම සමඟ තවත් දෙදෙනෙක් ද මෙහිදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු හිමිනම දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

ඊට අමතරව මේ වනවිට ඉතාලියේ සිටින මිනුවන්ගොඩ නේවි දිනේෂ් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇත්තේ ද සැකකාර හිමිනම බවටයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී හිමිනම සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 28කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

නේවි දිනේෂ් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය සිවුරේ පාටට කුඩා පැකට්වලට ඇසුරුම් කර ඒවා මත්ලෝලීන් වෙත බෙදාහැරීම ද සැකකාර හිමිනම විසින් සිදුකරගෙන ගොස් තිබෙනවා.

මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමනායක මහතාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර හිමිනම සහ අනෙකුත් සැකකරුවන් දෙදෙනා ඉදිරි විමර්ශන කටයුතු සඳහා අලව්ව පොලිසිය වෙත භාර දී ඇති අතර, සැකකරුවන් අද (17) පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

  1. මීවනපලානේ හාමුදුරුවන්ට ධර්මදේශනාවක් වත් කරන්න නොදී බාධා කරන්නේ මෙවැනි ව්‍යාජ ශ්‍රමණයන් තමා. තට්ට බූගාගෙන සිවුරක් පොරවා ගෙන මහානායක කියාගන්නා පුද්ගලයන් පවා දුශ්ශීල ශ්‍රමණයන් බව පසුගියදා පෙනුනා.

  2. මත්ද්‍රව්‍ය සමග හසුවුනාට පසු
    දේශකයන් වහන්සේ ලෙස හදුන්වන්නේ
    ඇයි හිටපු ජනාධිපතිවරයෙක් සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත්
    කල අවස්ථාවේ ගරු යන වචනය ඔහු ආමන්ත්‍රණය කිරීමේදී භාවිතා කල පාර්ශ්වයකට අධිකරණයෙන් එසේ නොකරන ලෙස අවවාද කරන ලදි.

  3. සාක්ෂි ඇතිව අත් අඩංගුවට ගත්තට පස්සෙ දුස්සීල කියන නාමයේ හදුන්වා ඒ මොහොතේම චීවරය ගලවලා ඇස් වහන්නෙ නැතිව සමාජයට මුහුණ පෙන්වන්න ඕනෑ .සාක්ෂි සමග වරද ඔප්පු වෙලා ඉවරයිනේ ….

  4. කුඩුත් සමග අත් අඩංගුවට ගත් වහාම සිවුර ඉවත්කර 2ං2 පොල්ලකින්, ඌට වන්දනාකල වයස්ගත උපාසක අම්මලා ලවා හොඳ සංග්‍රහයක් කලයුතුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55