හෙද වර්ජනය අතරතුර බදුල්ල මහ රෝහලේ සිදු වූ ඛේදජනක සිද්ධිය

වෘත්තීය අයිතින් 09ක් ඉටු කරගැනීම සඳහා මෙරට සියලු හෙද නිලධාරී සංගම් එකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹ තිබෙනවා.

ඒ අනුව මෙරට සියලුම රෝහල්වල හෙද හෙදියන් විසින් ලෙඩ නිවාඩු දමා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා එක්වී සිටිනවා.

ඊයේ (01) දිනයේ බදුල්ල මහ රෝහලේ ද මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවේ පිළිකා රෝගය සඳහා එන්නතක් විද ගැනීමට පැමිණි රෝගියෙකු සිහිසුන්ව බිම වැටී සිටි තිබුණා.

මෙම රෝගියාට උපකාර කිරීම සඳහා එම අවස්ථාවේ සේවයේ සිටි වෛද්‍යවරුන් කටයුතු කළ අතර සිදුවීම සම්බන්ධයෙන් ඌව පළාත් වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසා සිටියේ මෙවන් කතාවක්,

“උදෑසන බදුල්ල පළාත් මහ රෝහලේ ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වුණා. පිළිකා රෝගීන් එන්නත ලබා ගැනීමට පැමිණි සිටි අවස්ථාවේ එම රෝගීන්ට එන්නත් ලබාදීම ප්‍රතික්ෂේප කරන ආකාරයක් අපි දැක්කා. නමුත් ඒ වෙලාවේ අපි අදාළ සායනයට ගියා.. අපි ඉදිරිපත් වුණා මෙම එන්නත ලබාදෙන්න පිළිකා රෝගීන්ට.. පිළිකා වාට්ටුවක රෝගීන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරපු පළවෙනි අවස්ථාව මේක.. හැම අවස්ථාවක දීම පිළිකා වාට්ටුවට ප්‍රතිකාර කිරීම මඟ හැරියේ නැහැ..”

මෙම හෙද නිලධාරීන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි බොහෝ රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබුණා.

අදාළ සිදුවීමේ වීඩියෝ දර්ශනය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21