හෙද වර්ජනය අතරතුර බදුල්ල මහ රෝහලේ සිදු වූ ඛේදජනක සිද්ධිය

වෘත්තීය අයිතින් 09ක් ඉටු කරගැනීම සඳහා මෙරට සියලු හෙද නිලධාරී සංගම් එකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹ තිබෙනවා.

ඒ අනුව මෙරට සියලුම රෝහල්වල හෙද හෙදියන් විසින් ලෙඩ නිවාඩු දමා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා එක්වී සිටිනවා.

ඊයේ (01) දිනයේ බදුල්ල මහ රෝහලේ ද මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවේ පිළිකා රෝගය සඳහා එන්නතක් විද ගැනීමට පැමිණි රෝගියෙකු සිහිසුන්ව බිම වැටී සිටි තිබුණා.

මෙම රෝගියාට උපකාර කිරීම සඳහා එම අවස්ථාවේ සේවයේ සිටි වෛද්‍යවරුන් කටයුතු කළ අතර සිදුවීම සම්බන්ධයෙන් ඌව පළාත් වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසා සිටියේ මෙවන් කතාවක්,

“උදෑසන බදුල්ල පළාත් මහ රෝහලේ ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වුණා. පිළිකා රෝගීන් එන්නත ලබා ගැනීමට පැමිණි සිටි අවස්ථාවේ එම රෝගීන්ට එන්නත් ලබාදීම ප්‍රතික්ෂේප කරන ආකාරයක් අපි දැක්කා. නමුත් ඒ වෙලාවේ අපි අදාළ සායනයට ගියා.. අපි ඉදිරිපත් වුණා මෙම එන්නත ලබාදෙන්න පිළිකා රෝගීන්ට.. පිළිකා වාට්ටුවක රෝගීන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරපු පළවෙනි අවස්ථාව මේක.. හැම අවස්ථාවක දීම පිළිකා වාට්ටුවට ප්‍රතිකාර කිරීම මඟ හැරියේ නැහැ..”

මෙම හෙද නිලධාරීන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි බොහෝ රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබුණා.

අදාළ සිදුවීමේ වීඩියෝ දර්ශනය පහතින්,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42