AFC Banner
Empty Ad
Empty Ad

21 -22 යන දෙදින සුරාසැල් වැසේ – විෂ සහිත මත්පැන් ගැනත් මතක් කිරීමක්

අනිද්දා (21) පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු ම මත්පැන් අලෙවිසැල් වසා දැමීමට කටයුතු කර ඇති බව සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි පවසනවා.

කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ඒ අනුව සැප්තැම්බර් මස 21 හා 22 යන දෙදින තුළ කිසිදු මත්පැන් සැලක් විවෘත නොවන බවයි.

එම දෙදින තුළ කිසිදු ආකාරයකින් සුරාසැල් විවෘත කිරීමක් සිදු කළ නොහැකි බවත්; ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර නිරීක්ෂණයට නිලධාරින් යොදවා ඇති බවත් නීතිය කඩකිරීමක් සිදු වුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම දෙදින තුළ බොහෝ විට නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ දැරීමට ඉඩ ඇති බවත් ඒවා විවිධ විෂ සහිත ඒවා වීමේ ඉඩකඩක් වුව ද පැවතිය හැකි බැවින් භාවිත නොකරන ලෙසට ද සුරාබදු දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම කිසියම් පැමිණිල්ලක් සිදු කිරීමට අවශ්‍ය නම් පැය 24 පුරාම විවෘත කර ඇති 1913 හදිසි පැමිණිලි අංශයට සිය දෙපාර්තමේන්තුවේ දැනුම්දෙන ලෙසටයි සුරාබදු කොමසාරිස්වරයා වැඩිදුරටත් දන්වා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?