හෙට සිට ස්ථාන කිහිපයක් වසා දැමීමට පියවර

තවත් නගර කිහිපයක වෙළෙඳසැල් වසා තැබීමට අදාළ වෙළෙඳ සංගම් තීරණය කර තිබේ.

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව වෙළෙඳ සංගම් සඳහන් කළේය.

ඒ අනුව අද (18) සිට බදුල්ල, ත්‍රිකුණාමලය, රත්නපුර සහ බලංගොඩ යන නගරවල සියලු වෙළෙඳ සැල් සතියක කාලයක් වසා තැබීමට නියමිතය.

මීට අමතරව හෙට (19) සිට වැලිමඩ සහ අනුරාධපුර නගරයේ වෙළෙඳසැල් ද සතියක කාලයක් සඳහා වසා තැබෙනු ඇත.

පවතිත වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව අනුරාධපුර එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති සරත් මුණසිංහ මහතා පැවසුවේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
45
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?