හෙට්මයර් කොදෙව් ලෝක කුසලාන සංචිතයෙන් එළියට

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට ෂිම්රොන් හෙට්මයර් වෙනුවට ෂමර් බෲක්ස් කැඳවීමට තීරණය කළ බව කොදෙව් ක්‍රිකට් බලධාරීන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දන්වා තිබෙනවා.

ෂිම්රොන් හෙට්මයර් ඕස්ට්‍රේලියාව බලා යාමට නියමිතව තිබූ ගුවන් ගමන වෙනස් කිරීම හේතුවෙන් ඔහුට මෙලෙස ලෝක කුසලාන සංචිතයෙන් ඉවත්වීමට සිදුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ලෝක කුසලාන තරගාවලියට පෙර ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් බරහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් පසුගිය පළමුවනදා ඕස්ට්‍රේලියාට පැමිණීමට කොදෙව් දේශයෙන් ගමන් ආරම්භ කළා.

කෙසේ වෙතත් සිය පවුලේ හදිසි කටයුත්තක් හේතුවෙන් හෙට්මයර් තීරණය කර තිබුණේ පසුගිය පළමුවනදා ඕස්ට්‍රේලියාව බලා ගමන් නොකිරීමටයි.

ඒ, අනුව ඔහු ඊයේ (සඳුදා) දිනයේ ඕස්ට්‍රේලියාව බලා පැමිණීමට ගුවන් ගතවන බවට දැනුම් දී තිබුණ ද, පසුව ඔහු දැනුම් දුන්නේ තම නැවත සකස් කළ ගුවන් ගමන සිදු නොකරන බවයි.

ඔහුගේ එම තීරණයත් සමඟ ලෝක කුසලානය වෙනුවෙන් නම්කළ බටහිර ඉන්දීය කොදෙව් සංචිතයෙන් ෂිම්රොන් හෙට්මයර් ඉවත් කර මෙවර CPL තරගාවලියේ දස්කම් දැක්වීම සමත් වූ ෂමර් බෲක්ස් සංචිතයට කැඳවීමටයි කොදෙව් ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10
Video thumbnail
තිරප්පන ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.."හුන්ඩුව ඇතුළේ සේරුවලින් හොරකම් කරනවා.."
15:12
Video thumbnail
ජනපතිට බැනලා හරියන්නේ නෑ..මෙයාලට අයිති පෙට්‍රල් ළිං නෑනේ..QR එක ඇත්තටම හොඳයි
02:28
Video thumbnail
කෝටි දෙකහමාරකට අධික ගංජා වගාවක් වටලයි..කොහොමද සරුවට හැදිලා තියෙන හැටි
01:22
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝළිම්..දැන් එක දවසක ග#න තෙල් කළින් ගැ#වේ දවස් තුනකට
03:21