spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට්මයර් කොදෙව් ලෝක කුසලාන සංචිතයෙන් එළියට

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට ෂිම්රොන් හෙට්මයර් වෙනුවට ෂමර් බෲක්ස් කැඳවීමට තීරණය කළ බව කොදෙව් ක්‍රිකට් බලධාරීන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දන්වා තිබෙනවා.

ෂිම්රොන් හෙට්මයර් ඕස්ට්‍රේලියාව බලා යාමට නියමිතව තිබූ ගුවන් ගමන වෙනස් කිරීම හේතුවෙන් ඔහුට මෙලෙස ලෝක කුසලාන සංචිතයෙන් ඉවත්වීමට සිදුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ලෝක කුසලාන තරගාවලියට පෙර ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් බරහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් පසුගිය පළමුවනදා ඕස්ට්‍රේලියාට පැමිණීමට කොදෙව් දේශයෙන් ගමන් ආරම්භ කළා.

කෙසේ වෙතත් සිය පවුලේ හදිසි කටයුත්තක් හේතුවෙන් හෙට්මයර් තීරණය කර තිබුණේ පසුගිය පළමුවනදා ඕස්ට්‍රේලියාව බලා ගමන් නොකිරීමටයි.

ඒ, අනුව ඔහු ඊයේ (සඳුදා) දිනයේ ඕස්ට්‍රේලියාව බලා පැමිණීමට ගුවන් ගතවන බවට දැනුම් දී තිබුණ ද, පසුව ඔහු දැනුම් දුන්නේ තම නැවත සකස් කළ ගුවන් ගමන සිදු නොකරන බවයි.

ඔහුගේ එම තීරණයත් සමඟ ලෝක කුසලානය වෙනුවෙන් නම්කළ බටහිර ඉන්දීය කොදෙව් සංචිතයෙන් ෂිම්රොන් හෙට්මයර් ඉවත් කර මෙවර CPL තරගාවලියේ දස්කම් දැක්වීම සමත් වූ ෂමර් බෲක්ස් සංචිතයට කැඳවීමටයි කොදෙව් ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?