හෘද රෝග හා වකුගඩු රෝගීන්ට ගෙවන ජනාධිපති අරමුදලේ ගෙවීම් 100%කින් ඉහළට

හෘද රෝගවලින් සහ වකුඩගු රෝගවලින් පෙළෙන රෝගීන් හට සිය ඖෂධ කටයුතු සඳහා අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ ක්‍රියාවලියේ දී ජනාධිපති අරමුදල යටතේ ද ඊට මුදලක් වෙන් වනවා.

එම මුදල් ප්‍රමාණය සියයට සියයකින් ඉහළ දැමීමටයි රජය තීරණය කර ඇත්තේ.

රජයේ මෙම තීරණය පිළිබඳ ව අදහස් පළ කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ අදාළ රෝගීන්ගේ අයදුම්පත මුදල් අමාත්‍යාංශය වෙත ලැබී සතියක් තුළ සියලු ම ගෙවීම් කටයුතු සිදු කිරීමට කටයුතු කරන බවයි.

මීට පෙර මෙම රෝගීන් සඳහා 50%ක් ජනාධිපති අරමුදලින් ආවරණය කළ අතර 2022 වර්ෂයේ අගෝස්තු මාසය වන විට මෙම සැත්කම් සඳහා අයදුම්පත් 8,000කට ආසන්න ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව වාර්තා වනවා.

එබැවින් රජයට යොමු වන සියලු ම අයදුම්පත් කෙරෙහි සලකා බලමින් ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපදාන ලබාදීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කෑගල්ලේ පැවති ජන හමුවක් අමතමින් පැවසුවේ.

ජනාධිපති අරමුදලින් හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 116,000කට ශිෂ්‍යාධාර ලබාදීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවත් අනාගත පරපුර වෙනුවෙන් කරන මෙම ආයෝජනය රටේ ඉදිරි ගමනට සාධනීය සාධකයක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මීට වසර දෙකකට පෙර විවිධ සෞඛ්‍ය හේතූන් මත විශේෂයෙන්; හෘද සැත්කම් සඳහා ආධාර අවශ්‍ය පුද්ගලයින් සඳහා ජනාධිපති අරමුදලින් මුදල් නිදහස් කිරීමට බොහෝ කාලයක් ගත වුව ද ඉදිරියේ දී එම තත්ත්වය වෙනස් වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා දැනුම්දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?