හිස්බුල්ලා නායකයාගේ මරණයත් සමඟ ඉරානයේ දින පහක ශෝක කාලයක්

හිස්බුල්ලා නායක හසන් නසරල්ලාගේ මරණය තහවුරු වීමත් සමඟ ඉරානයේ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි මෙම දින පහක ශෝක කාලය ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරූට් වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා නායක හසන් නසරල්ලා ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊයේ අනාවරණය වුණා.

ඊශ්‍රායලය විසින් ඝාතනය කරනු ඇතැයි යන බිය නිසා වසර ගණනාවක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි නස්රාල්ලා, මැද පෙරදිග වඩාත් ප්‍රසිද්ධ හා වඩාත්ම බලගතු චරිතයක් වී සිටියා.

හිස්බුල්ලා නායකගේ මරණයන් පසු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ නස්රල්ලාගේ මරණය ඓතිහාසික හැරවුම් ලක්ෂයක් බවයි.

එමෙන්ම එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසා සිටියේ නස්රල්ලාගේ මරණය “ඔහුගේ බොහෝ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමේ පියවරක්” වනු ඇති බවයි.

එමන්ම ජෝ බයිඩන් ඊශ්‍රායලයෙන් සහ හිස්බුල්ලා සංවිධානයෙන් නැවතත් සටන් විරාමයක් ඉල්ලා සිටියා.

ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාරවලින් ඊයේ දිනයේ පමණක් අවම වශයෙන් පුද්ගලයින් 33 දෙනෙකු මිය ගොස් 200 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07
Video thumbnail
පාස්කු මහමොළකරු අස්සේ ගම්මන්පිල හේමමාලා කුමරිය ගැන කිව්ව දේ..කවුද දැන් මහමොළකරු ?
02:34
Video thumbnail
වීදි ලාම්පු සිග් සැග් ක්‍රමයට නිවලා දාන්න..සංගීත සංදර්ශනවලටත් වැට බැදෙයි ද ?
04:06
Video thumbnail
ගම්මන්පිළ හෙළිකරන පාස්කු මහ මොළකරුව බලන්න ප්‍රබලයෝ රැසක් එයි
00:42
Video thumbnail
ආණ්ඩුවට සහාය දෙන්න සජිත් සූදානම් - මාධ්‍ය කැඳවලා කියයි
06:31
Video thumbnail
ජනපති සේප්පුවක දාලා වහපු වාර්තා ගැන ගම්මන්පිල හෙළිකරයි..හමුදාවම තමයි පාස්කු ප්‍රහාරය කළේ ?
07:52
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
01:12:55
Video thumbnail
කාන්තාවක් එක්ක මාලිමා සභාපතිගේ අමුතු හාදකම - ගමක් අමාරුවේ වැටෙයි
10:16