හිරුණිකා ඇතුළු සැකකාරිණියන් 15කට එරෙහි නඩුව යළිත් කැඳවීමට දින දෙයි

කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතා පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනාට අදාළ නඩුව දෙසැම්බර් මස 08 වන දා යළිත් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

ඒ අනුව පැමිණිල්ල දෙසැම්බර් මස 08 වනදා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසත් පොලිසියට දැනුම් දුන්නා.

2023 වසරේ කොළඹ නිදහස් චතුරස්‍රය අසල මං මාවත් අවහිර කරමින් වීදි නාට්‍යයක් පැවැත්වීමට කටයුතු කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන්ට විරුද්ධව මෙම පැමිණිල්ල පොලිසිය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?