AFC Banner
AFC Banner
Empty Ad

හිරුණිකාට අධිකරණය නම්‍යශීලී වෙයි – පෞද්ගලික ව පෙනී සිටීමත් අවශ්‍ය නැහැ කියයි

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ගොනුකර තිබෙන පෙත්සමේ වග උත්තරකාරියක ලෙස නම් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ඉදිරි නඩු දිනවල දී අධිකරණය හමුවේ පෞද්ගලික ව පෙනී සිටීම අවශ්‍ය නොවන බව අභියාචනාධිකරණය නියම කළා.

ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසාමිල්ගේ පුත්‍රයා විසින් ගොනුකර තිබූ මෙම පෙත්සම අද (14) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ.

එහිදී නඩුවට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පාර්ශ්වයට අධිකරණය විසින් දින ලබා දුන්නා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකාරියට මේ දක්වා චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර නොමැති නිසා ඇයට පෞද්ගලික ව අධිකරණයේ පෙනී සිටීමට අවශ්‍ය නොවන බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න විරෝධය පළ කළා.

කෙසේ වෙතත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට පෞද්ගලික ව අධිකරණයේ පෙනී සිටීම අවශ්‍ය නොවන බව සඳහන් කළ විනිසුරු මඩුල්ල පැමිණිල්ල නැවත සැප්තැම්බර් මස 11 වනදා කැඳවන ලෙස නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
23
+1
2
+1
10
+1
5
+1
2
+1
6
+1
13
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?