හිරුණිකාට අධිකරණය නම්‍යශීලී වෙයි – පෞද්ගලික ව පෙනී සිටීමත් අවශ්‍ය නැහැ කියයි

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ගොනුකර තිබෙන පෙත්සමේ වග උත්තරකාරියක ලෙස නම් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ඉදිරි නඩු දිනවල දී අධිකරණය හමුවේ පෞද්ගලික ව පෙනී සිටීම අවශ්‍ය නොවන බව අභියාචනාධිකරණය නියම කළා.

ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසාමිල්ගේ පුත්‍රයා විසින් ගොනුකර තිබූ මෙම පෙත්සම අද (14) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ.

එහිදී නඩුවට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පාර්ශ්වයට අධිකරණය විසින් දින ලබා දුන්නා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකාරියට මේ දක්වා චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර නොමැති නිසා ඇයට පෞද්ගලික ව අධිකරණයේ පෙනී සිටීමට අවශ්‍ය නොවන බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න විරෝධය පළ කළා.

කෙසේ වෙතත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට පෞද්ගලික ව අධිකරණයේ පෙනී සිටීම අවශ්‍ය නොවන බව සඳහන් කළ විනිසුරු මඩුල්ල පැමිණිල්ල නැවත සැප්තැම්බර් මස 11 වනදා කැඳවන ලෙස නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43