logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

හිරුණිකාගේ තවත් නඩුවක් කල් යයි

ඉකුත් වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේ කොළඹ කුරුඳුවත්ත පොලිස් වසම තුළ මාර්ග අවහිර කරමින් මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනෙකුට එරෙහි ව ගොනුකර තිබෙන පැමිණිල්ල ලබන ඔක්තෝබර් මස 21දා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට විමර්ශන ගොනු උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව මෙම නඩුකරය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.

ඉන් අනතුරුව පැමිණිල්ල ඔක්තෝබර් මස 21 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?