හිරුණිකාගේ තවත් නඩුවක් කල් යයි

ඉකුත් වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේ කොළඹ කුරුඳුවත්ත පොලිස් වසම තුළ මාර්ග අවහිර කරමින් මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනෙකුට එරෙහි ව ගොනුකර තිබෙන පැමිණිල්ල ලබන ඔක්තෝබර් මස 21දා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට විමර්ශන ගොනු උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව මෙම නඩුකරය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.

ඉන් අනතුරුව පැමිණිල්ල ඔක්තෝබර් මස 21 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38