logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

හිමිකරුවෙකු නොමැතිව ගුවන්තොටුපොළේ නවතා තිබූ මොටෝරිය රැගෙන යයි

දීර්ඝ කාලයක සිට හිමිකරුවෙකු නොමැතිව කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පැමිණීමේ පර්යන්තයේ රථ ගාලෙහි නවතා තිබූ මෝටර් රථය ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ රැගෙන ගොස් තිබෙනවා.

ඊයේ (04) දින දහවල් මෙම මෝටර් රථය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පැමිණ ගෙන ගිය බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

SPKM 8179 දරන NISSAN බ්ලූබර්ඩ් වර්ගයේ මෙම මෝටර් රථය මැයි 29 වැනි දින මෙසේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාල තුළ දමා ගොස් තිබුණා.

මෙම මෝටර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වෙලේගේ මායා සුදේශිකා නමැති කාන්තාවකට අයිති බවත්; දැනට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන 68390 දරන නඩු කටයුත්තට අවශ්‍ය කරන මෝටර් රථයක් බවත් අනාවරණය වී තිබෙනවා.

ඉන්පසුවයි අධිකරණ නියෝගයක් මත ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ අදාළ රථය දහවල් 12.30 ට පමණ රැගෙන ගොස් ඇත්තේ.

මෙම මෝටර් රථය මාසයකට අධික කාලයක් මෙලෙස කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථගාල තුළ අයිතිකරුවෙකු නොමැතිව නවතා තිබූ අතර මේ පිළිබඳ කටුනායක ගුවන් බලධාරීන් මෙන් ම ගුවන් තොටුපොළ පොලිසිය ද විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
5
+1
2
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?