හිටපු පොලිස් නිලධාරියෙකුට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම්

අන්සතු වාහනයක් නීති විරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු පොලිස් නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබෙනවා.

සුජිත් රූපසිංහ නමැති හිටපු පොලිස් නිලධාරියෙකුටයි මෙලෙස දඬුවම් නියම වූයේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් තීන්දුව ලබා දුන් අතර සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 10,000ක දඩයක්ද නියම කර තිබෙනවා.

2010 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2008 වසරේ ජුනි මස 01 වනදා අතර කාලසීමාව තුළ කොල්ලුපිටිය ප්‍රදේශයේ ඉඩමක් සහ නිවසක් සඳහා ව්‍යාජ ඔප්පුවක් සකස් කර විකිණීම මෙන්ම එම නිවසේ තිබූ වාහනයක් සොරකම් කර සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.

නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා දැනුම් දුන්නේ ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ සිද්ධියට අදාළ චෝදනාවලින් විත්තිකරු නිදහස් කරන බවයි.

මෙම ඔප්පු සකස් කිරීමේ සිද්ධියට සම්බන්ධ බුලත්සිංහලගේ ගුණසිංහ නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොලිසිය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වැඩි විමතිය පළ කළ විනිසුරුවරයා පොලිසියේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අධිකරණය කණගාටුව පළ කරන බවත් කියා සිටියා.

නමුත් වාහනයක් සොරකම් කර සන්තකයේ තබාගැනීමේ චෝදනාවට විත්තිකරු වරදකරු කරන බවත් ඒ අනුව ඔහුට මෙම දඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
13
+1
2
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21


?