හිටපු පොලිස් නිලධාරියෙකුට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම්

අන්සතු වාහනයක් නීති විරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු පොලිස් නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබෙනවා.

සුජිත් රූපසිංහ නමැති හිටපු පොලිස් නිලධාරියෙකුටයි මෙලෙස දඬුවම් නියම වූයේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් තීන්දුව ලබා දුන් අතර සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 10,000ක දඩයක්ද නියම කර තිබෙනවා.

2010 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2008 වසරේ ජුනි මස 01 වනදා අතර කාලසීමාව තුළ කොල්ලුපිටිය ප්‍රදේශයේ ඉඩමක් සහ නිවසක් සඳහා ව්‍යාජ ඔප්පුවක් සකස් කර විකිණීම මෙන්ම එම නිවසේ තිබූ වාහනයක් සොරකම් කර සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.

නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා දැනුම් දුන්නේ ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ සිද්ධියට අදාළ චෝදනාවලින් විත්තිකරු නිදහස් කරන බවයි.

මෙම ඔප්පු සකස් කිරීමේ සිද්ධියට සම්බන්ධ බුලත්සිංහලගේ ගුණසිංහ නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොලිසිය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වැඩි විමතිය පළ කළ විනිසුරුවරයා පොලිසියේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අධිකරණය කණගාටුව පළ කරන බවත් කියා සිටියා.

නමුත් වාහනයක් සොරකම් කර සන්තකයේ තබාගැනීමේ චෝදනාවට විත්තිකරු වරදකරු කරන බවත් ඒ අනුව ඔහුට මෙම දඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57