හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්නට ඇප

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ නඩුව අද (14) දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

අලව්ව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය ජූලි මස 28 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !