Update – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප

රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 161ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කළා.

නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාගේ රෝග වාර්තා පිළිගත හැකි බවයි.

එබැවින් තම අධිකරණය එය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇප මත මුදා හැරිමට තීරණය කළ බවද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

ඒ, අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න සියලු රෝග සම්බන්ධ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

හෘද වස්තුවේ පටක මිය යාම මෙන්ම පෙනහළු ආසාදනයක් ඇති බව එහිදී ජනාධිපති නිතිඥවරයා පෙන්වා දුන්නා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂි කරුණු රැසක් එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මණ්ඩලය අධිකරණයට ඉදිරිපත් කළා.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක් අවහිර වී ඇති බව ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවා.

ඊට අදාළ රෝග තත්ත්ව පිළිබඳව සියලු වෛද්‍ය වාර්තා නීතීඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා කළක පටන් වගුගඩු රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, හෘද වස්තුවේ පටක මිය යාමත් මෙන්ම පෙනහළු ආසාදනයක් මේ වන විට පෙන්නුම් කරන බවත් ඔහුගේ නීතීඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

තවද හිටපු ජනාධිපතිවරයාට බරපතළ ජීවිත අවධානමක් මතුව ඇතැයිද ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවා.

රනිල් වික්‍රමසිංහට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් විරුද්ධත්වය ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපති රනිල්ගේ එංගලන්ත සංචාරයේදී කිසිදු රාජ්‍ය නායකයෙක් හමුව නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප පිරීස් අධිකරණයේදී කරුණු දක්වමින් පැවසුවා.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ ලේකම් වන සමන් ඒකනායක මහතා ප්‍රකාශයක් ලබා දෙමින් මින් පෙර පවසා ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවේකයක් ලබා ගැනීම සඳහා ගිය බව තමන් සිතන බවයි.

එහිදී කරුණු දක්වමින් ජනාධිපති නිතිඥ තිලක් මාරපන සඳහන් කළේ ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේදී කිසිදු අවභාවිතයක් සිදුව නෑති බව සඳහන් කර ඇති බවයි.

ජනාධිපති නීතීඥ තිලක් මාරපන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ මෙම සිදුවීම සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ විගණන නිලධාරියාට විගණනය කිරීම සඳහා බලයක් නොමැති බවයි.

එමෙන්ම මේ සම්බන්ධව සිදුකළ වියදම් සියල්ල ජනාධිපති වැය ශීර්ෂය යටතේ වන බැවින් ඒ සඳහා ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේදී කිසිදු අවභාවිතයක් සිදුව නොමැති බවත් තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවා.

ආරාධනා පත්‍රයේ නීතියානුකූලත්වය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවද එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් පෙන්වා දුන්නා.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කෙරුනෙ සුම් තාක්ෂණය ඔස්සේයි.

නඩුව ආරම්භ කිරීමට පෙර සිටම “රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිදහස් කරන ලෙස” ඉල්ලා ඔහුගේ ආධාරකරුවන් ඇතුළු පිරිසක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ විරෝධතාවක නිරත වුණා.

එහිදී විරෝධතාකරුවන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් පොලිස් නිලධාරීයකු තුවාල ලැබුවා.

රනිල් වික්‍රමසිංහට සහය වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බගවේගයේ මන්ත්‍රීවරු සහ සාගල රත්නායක, වජිර අබේවර්ධන, අකිල විරාජ්, නිමල් ලන්සා ඇතුළු විශාල පිරාසක් අධිකරණයට පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
7
+1
21
+1
5
+1
2
+1
3
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10