හිටපු ජනාධිපති රනිල් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරේ (වීඩියෝ)

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බව වාර්තා වනවා.

හිටපු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරු කළ නිර්දේශයකට අනුව මෙලෙස ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ලබන 26 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැළකිල්ලට ගෙන බන්ධනාගාර රෝහල වෙත යොමු කිරීමට වෛද්‍ය නිර්දේශ ලබාදී තිබුණා.

රුධිර පීඩනය ඉහළ යෑම සහ ශරීරයේ සීනි මට්ටම ඉහළයෑම හේතුවෙන් ඔහුව මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ නිකුත් කර තිබුණේ.

මේ අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට වේල් තුනටම නිවසින් කෑම ලබාදීමට ද නිර්දේශ කර ඇති අතර, ඊට බන්ධනාගාර මූලස්ථානයේ ද අනුමැතිය හිමි වුණා.

එවන් තත්ත්වයකයි හිටපු ජනාධිපතිවරයාව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවීමට මෙලෙස කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?