හිටපු ජනාධිපති රනිල් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරේ (වීඩියෝ)

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බව වාර්තා වනවා.

හිටපු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරු කළ නිර්දේශයකට අනුව මෙලෙස ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ලබන 26 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැළකිල්ලට ගෙන බන්ධනාගාර රෝහල වෙත යොමු කිරීමට වෛද්‍ය නිර්දේශ ලබාදී තිබුණා.

රුධිර පීඩනය ඉහළ යෑම සහ ශරීරයේ සීනි මට්ටම ඉහළයෑම හේතුවෙන් ඔහුව මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ නිකුත් කර තිබුණේ.

මේ අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට වේල් තුනටම නිවසින් කෑම ලබාදීමට ද නිර්දේශ කර ඇති අතර, ඊට බන්ධනාගාර මූලස්ථානයේ ද අනුමැතිය හිමි වුණා.

එවන් තත්ත්වයකයි හිටපු ජනාධිපතිවරයාව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවීමට මෙලෙස කටයුතු කර ඇත්තේ.

  1. මේ පට්ට හොරුන්ව වැලිකඩට දාපු ගමන් අසනීප වෙනවනෙ..මාර වැඩක්නෙ ඕයි ඒක. බලාගෙන ගියාම මේ දේශපාළුවො එකෙක්වත් කිසිම මට්ටමක නායකත්වයක් ගන්න සුදුසු නැහැනෙ. එක්කො ප්‍රෙෂර්.එහෙම නැත්නම් සීනි..එහෙමත් නැත්නම් වෘෂණ කෝෂ ලොකුවෙලා…ලැජ්ජයි මේ වගේ අපතයන්වද මෙච්චර කාලයක් මිනිස්සු පාර්ලිමේන්තු යැව්වෙ ඇයි කියල.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීට වැඩිය හොඳයි රනිල් ගිහින් නාමල්ගේ වේදිකාවට නැග්ගනම් - UNP නායකයා පෙනී සිටීම ගැන ලැජ්ජයි
09:29
Video thumbnail
නිමල් පෙරේරා කියන්නේ මේ ගණුදෙනුවේ ඉත්තෙක් - කළු සල්ලි සුදු කරපු එක්කෙනෙක් විතරයි
07:26
Video thumbnail
නාමල්ව තව සතියකින් එළියට දානවා - මන් කැට තියලා කියනවා
09:52
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19
Video thumbnail
කඩයක් ෆ්ලැට් කරගෙන ගිය ලොරි රථය
00:39
Video thumbnail
මහානාම ශිෂ්‍යන්ට සොනාල් දීපු උපදෙස
02:12
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08