හිටපු ජනපති රනිල්ගේ 15 වසරක පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට ස්ථාන මාරුවීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අද (01) දින සිට කන්කසන්තුරය දක්වා ස්ථාන මාරු වීමක් ලබා දී තිබෙනවා.

අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරන පරිදි එම ආරක්ෂක නිලධාරියා රනිල් වික්‍රමසිංහ (හිටපු) ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂාව භාරව 15 වසරක සිට සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව එම ආරක්ෂක නිලධාරියා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක ඒකකයේ වසර 23ක් ම සේවය කර තිබෙනවා.

කෙසේවෙතත් එම නිලධාරියාව හදිසියේ ස්ථාන මාරුවීමකට නතු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම්භාරයේ සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන්ට, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට දූරකථන ඇමතුමක් ලබා දීමට අවශ්‍ය බව පවසා CID නිලධාරියෙකුට දූරකථන ඇමතුමක් දීමේ සිද්ධියකට බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
10
+1
5
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?