හිටපු ජනපතිවරුන් වෙනුවෙන් යොදවා ඇති ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට (වීඩියෝ)

හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත වූ මාස 11ක කාලය තුළ රුපියල් මිලියන 1,448ක් වියදම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවා.

අද (17) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව ගත වූ මාස 11 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රුපියල් මිලියන 710ක පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි ඔහු අමාත්‍යවරයා පැවසුවේ.

එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මිලියන 207ක වැය බරක් ද දැරීමට සිදුව ඇති බවට අනාවරණය කළා.

ඊට අමතරව පසුගිය මාස 11 තුළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් රුපියල් මිලියන 307ක වැය බරක් දැරීමට සිදුව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් රුපියල් මිලියන 82ක වැය බරක් දරා ඇති බවත්, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග වෙනුවෙන් මිලියන 112ක වියදමක් දැරීමට සිදුව ඇති බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වෙනුවෙන් මිලියන 32ක මුදලක් මෙම කාලය තුළ ආරක්ෂාව සඳහා දරා ඇති බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවට අනාවරණය කළේ.

මේ අතර හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් යොදවා ඇති ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ලබන සතියේ සිට ඉවත් කරන බව ද අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නා.

ඒ, අනුව හිටපු ජනපතිවරුන් සඳහා පොලිස් ආරක්ෂාව පමණක් ක්‍රියාත්මක බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොලිසිය මඟින් සිදුකළ තක්සේරුව පදනම් කරගෙන රජය මෙම තීරණයට එළඹ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
8
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18


?