ගිනිඅවියක් සහ ඊට යොදන උණ්ඩ පහක් නිවස පිටුපස වළ දැමූ හිටපු කමාන්ඩෝ සෙබළෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර කමාන්ඩෝ සෙබළා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 ක් සමග පසුගිය 04 දින කොළඹ අපරාධ කොට්ඨාසය මගින් කොටුගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු රැඳවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොරතුරු මත කොටුගොඩ ශාන්ත කයිතානු මාවතේ හිටිය ඔහුගේ නිවස පිටුපස වළ දමා තිබියදී ඉහත ගිනිඅවිය සහ උණ්ඩ සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.
සැකකාර කමාන්ඩෝ සෙබළා 37 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු හමුදා සේවයෙන් නීත්‍යනුකූල ව ඉවත් ව ඇති බවට දැනට සිදු කරන විමර්ශනයේ දී හෙළි වී තිබෙනවා.
මොහු කිසියම් සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ වී සිටින පුද්ගලයෙකු ද යන්න හෙළි කර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.