හිටපු කමාන්ඩෝ සෙබළෙකු අයිස් හා ගිනිඅවියක් සමග අත්අඩංගුවට

ගිනිඅවියක් සහ ඊට යොදන උණ්ඩ පහක් නිවස පිටුපස වළ දැමූ හිටපු කමාන්ඩෝ සෙබළෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කමාන්ඩෝ සෙබළා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 ක් සමග පසුගිය 04 දින කොළඹ අපරාධ කොට්ඨාසය මගින් කොටුගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු රැඳවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොරතුරු මත කොටුගොඩ ශාන්ත කයිතානු මාවතේ හිටිය ඔහුගේ නිවස පිටුපස වළ දමා තිබියදී ඉහත ගිනිඅවිය සහ උණ්ඩ සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකාර කමාන්ඩෝ සෙබළා 37 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු හමුදා සේවයෙන් නීත්‍යනුකූල ව ඉවත් ව ඇති බවට දැනට සිදු කරන විමර්ශනයේ දී හෙළි වී තිබෙනවා.

මොහු කිසියම් සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ වී සිටින පුද්ගලයෙකු ද යන්න හෙළි කර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37
Video thumbnail
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා චාම්ව වැඩ භාරගත් අයුරු - "ජනපති විශාල වගකීමක් මට භාරදුන්නේ"
07:43
Video thumbnail
මට හාර්ට් ඇටෑක් - අපි මැ#ණත් කමක් නෑ - අපේ ළමයි ටික ඕනි සර්..මුන් අපිව පන්නනවා
01:41
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08