හිටපු කමාන්ඩෝ සෙබළෙකු අයිස් හා ගිනිඅවියක් සමග අත්අඩංගුවට

ගිනිඅවියක් සහ ඊට යොදන උණ්ඩ පහක් නිවස පිටුපස වළ දැමූ හිටපු කමාන්ඩෝ සෙබළෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කමාන්ඩෝ සෙබළා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 ක් සමග පසුගිය 04 දින කොළඹ අපරාධ කොට්ඨාසය මගින් කොටුගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු රැඳවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොරතුරු මත කොටුගොඩ ශාන්ත කයිතානු මාවතේ හිටිය ඔහුගේ නිවස පිටුපස වළ දමා තිබියදී ඉහත ගිනිඅවිය සහ උණ්ඩ සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකාර කමාන්ඩෝ සෙබළා 37 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු හමුදා සේවයෙන් නීත්‍යනුකූල ව ඉවත් ව ඇති බවට දැනට සිදු කරන විමර්ශනයේ දී හෙළි වී තිබෙනවා.

මොහු කිසියම් සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ වී සිටින පුද්ගලයෙකු ද යන්න හෙළි කර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිම වර්ෂාපතනය මාතරට සහ ගාල්ලට - ගංවතුර පවතින ජනතාව සැලකිල්ලෙන් ඉන්න
05:14
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව නෑ..?
05:48
Video thumbnail
කාවන්තිස්සගේ මරණයේ සැකකරුවන් යළි රිමාන්ඩ් - අධිකරණය ඉදිරියේ ගම්මු උණුසුම් වෙයි
04:18
Video thumbnail
අදත් සමහර ප්‍රදේශවලට තද වැසි - ඔර්නබ් කුණාටුව දුර්වල වෙයි
02:59
Video thumbnail
කොළඹ නගරයට අද ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස
01:25
Video thumbnail
ජනපති සජිත්ව හමුවෙලා "අනේ සජිත්මහත්තයෝ මේක බාරගන්න" කියන්න - කට ඇරියොත් ටොම්පච කියන්නේ
06:36
Video thumbnail
සුඛෝපභෝගී වාහනවලින් ඇවිත් හරක් හොරකම් කරන ජාවාරමක් - මෙන්න CCTV දර්ශන එළියට
06:35
Video thumbnail
පොලිස් ඇමති මැ#ණු තරුණයාට වැරැද්ද දාලා ඇඟ බේරගන්නවා - පොලිසිය ගැන විශ්වාසයක් නෑ
05:01
Video thumbnail
තන්තිරිමලේ කඨින මහා පූජ්‍යෝත්සවයට සජිත්ගේ දායකත්වය - සජිත් අසනීප නිසා ජලනි ප්‍රේමදාස ඇවිත්
09:32
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයට දැඩි අලාභ හානි
00:53