AFC Banner
Empty Ad
Empty Ad

හිටපු අමාත්‍ය සීබී රත්නායකගෙන් ජනාධිපතිට සැර කතාවක්

හිටපු අමාත්‍ය සීබී රත්නායක කියා සිටින්නේ, රනිල් වික්‍රමසිංහ යන්න දැක්මක් නොමැති ප්‍රථිපත්තියක් නොමැති, ඔහු බිහි කරන ලද පක්ෂය ඔහු විසින්ම විනාශ කර දැමූ නායකයෙන් බවයි.

හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (12) දින නුවර එළිය සිය කාර්‍යාලයේ පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකට එක් වු මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.

තවදුරටත් අදහස් දැක් වූ හිටපු අමාත්‍යවරයා කියා සිටින්නේ, රනිල් වික්‍රමසිංහ මේ වන විට සිලින්ඩරයක් බදාගනිමින් අනෙකුත් පක්ෂවලටද වින කරන බවයි.

ජනපති රනිල් වික්‍රමසිංහ සමග එක් වීමට තමන්ට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත් හිටපු අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

තවදුරටත් ජනාධිපතිවරයාට දොස් නැගූ හිටපු අමාත්‍යවරයා කියා සිටින්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සිය සහයෝගය නිරන්තරයෙන් ලබාදෙන බවයි.

නාමල් රාජපක්ෂ යන්න දැහැමෙන් සෙමෙන් දේශපාලන ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
1
+1
13
+1
1
+1
1
+1
1
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?