හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන අත්අඩංගුවට (වීඩියෝ)

හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (03) පෙරවරුවෙ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදියි අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

හිටපු අමාත්‍යවරයාගේ ධුර කාලයේ දී ගොවීන්ට බෙදා දුන් බඩ ඉරිඟු සම්බන්ධයෙන් වූ ක්‍රියාවලියේ දී සිදු වූවා යැයි සැලකෙන මූල්‍ය අක්‍රමිකතාවක් ගැන එස්.එම්. චන්ද්‍රසේන මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.

එවකට සිටි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ලෙස කටයුතු කිරිමේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායි මිලට ලබාදීමට රජයේ වියදමින් රු. මිලියන 25ක වියදමින් ගෙන්වන ලද බඩඉරිඟු බීජ දිස්ත්‍රික් කාර්යාලය ක්‍රම සම්පාදන අංශය මගින් භාරගෙන ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම නිලධාරීන් මගින් බෙදා දීමට තිබියදී තම අමාත්‍යාංශ තනතුර භාවිතා කරමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන නීත්‍යනුකූල ව තිබියදී, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් කරමින් මෙම බීජ ව්‍යාපෘතිය නියමිත ක්‍රමවේදයට සිදු කරගෙන යාම වළක්වා 2015 ජනාධිපතිවරණයට වාසි ලබා ගැනීමේ අරමුණින් එම බීජ බඩ ඉරිඟු තම දේශපාලන කාර්යාලය වෙත ගෙන්වා කාර්යාලයේ දී අවිධිමත් ආකාරයට බෙදා දීම සිදුවීමක් සම්බන්ධයෙන් මෙලෙස චෝදනා එල්ල වී තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ අද දහවල් අත් අඩංගුවට ගත් සැකකාර හිටපු අමාත්‍යවරයා ව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
39
+1
1
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47