හාවඩ් සරසවියේ ලාංකික පර්‌යේෂිකාව

ශ්‍රී ලංකාවේ මහනුවර හීරැස්සගල පදිංචි මහාමායා බාලිකාවේ ආදි සිසුවියක් මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරිනියක වන ගයානි සෙ​ෙනවිරත්න මෙනවිය ජෛව වෛද්‍ය විද්‍යාව පිළිබඳව කීර්තිමත් ජාත්‍යන්තර සම්මානයක් වන Helen Hay Whitney Fellowship සම්මානය දිනාගැනීමට සමත් වූවාය.

ඇය ඇමරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හද‌ාරා එය හරහා උපතට පෙර මිනිස් ළදරුවන්ගේ අක්ෂි තීරුවේ දක්නට ලැබෙන අසාමාන්‍යතාවකට ප්‍රතිකාර කිරීමට භාවිත කළ හැකි ගෙම්බන්ගේ ශරීරය තුළ වර්ධනය වන ජානයක් සොයා ගෙන තිබේ. මෙම සොයා ගැනීම ඇමරිකා එක්සත් ජනපදයේ වැඩි අවධානයක් දිනාගෙන ඇත. ඇගේ නවතම සොයා ගැනීම පිළිබඳව Proceeding of the National Science නම් ඉහළ පෙලේ සඟරාවක ද පළ වී තිබේ.

ඇය දැනට වසර 4 1/2 කින් සිය උපාධිය සම්පූර්ණ කළ පසු පශ්චාත් ආචාර්ය උපාධිධාරිනියක ලෙස ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට සම්බන්ධ වී මිනිසාගේ ශ්‍රෝණි පටිය (The Pelvic Girdle) වර්ධනය වන ආකාරය සහ ඒ ආශ්‍රිත රෝග පිළිබඳව පර්‌යේෂණයක යෙදෙන බව අප හා පැවසුවාය.

දැනට ලොව පිළිගත් හොඳම විශ්වවිද්‍යාල 10 න් එකක් වන ඇමරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හද‌ාරා අවසන් කිරීම සඳහා ඇය ශිෂ්‍යත්වයක් ද හිමිකරගෙන තිබේ.

ඇය විසින් සිදුකළ විවිධ පර්‌යේෂණ සම්බන්ධයෙන් දෙවරක්ම ජනාධිපති සම්මාන හිමිකරගෙන තිබේ. ශ්‍රී ලංකා පර්යේෂණ ආයතනය මගින් පිරිනමන ලද වසරේ විශිෂ්ටතම පර්‌යේෂණය සඳහා වූ සම්මානය ද ගයානි විසින් හිමිකරගෙන ඇත. නොබෙල් ත්‍යාගලාභීන් කීප දෙනකු විසින් හිමිකරගන්නා ලද Helen Hay Whitney Fellowship (හෙලන් හේ විට්නි ෆෙලෝෂිප්) කීර්තිමත් ජාත්‍යන්තර සම්මානය හිමිකරගත් ගයානි සෙ​ෙනවිරත්න මෙනවියගේ අපේක්ෂාව වී ඇත්තේ කෙදිනක හෝ තම මවුරටට පැමිණ සේවය ලබා දී විද්‍යාව හද‌ාරණ සිසු සිසුවියන්ට ඔවුන්ගේ සිහින සැබෑ කරගන්නට උපකාර කිරීම බව ඇය පැවසුවාය.
තමාගේ ඉලක්කය වන්නේ සෑම කෙනකුම පිළිගන්නා පරිසරයක කාන්තාවන් සහ සුළු ජාතීන් සවිබල ගැන්වීම සහ නවීන තාක්ෂණික ක්‍රම භාවිත කරමින් පෘෂ්ඨවංශික පරිනාමයේ විද්‍යාත්මක පර්යේෂණ ප්‍රශ්න විසඳීමට හැකි පරිසරයක් තුළ යම් දිනෙක ඇගේම විද්‍යාගාරයක් පවත්වාගෙන යාම බව ඇය අප හා පැවසුවාය.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් සුරාබදු කොමසාරිස් වන උපුල් සෙ​ෙනවිරත්න සහ පෞද්ගලික පරිසර උපදේශන ආයතනයක පර්යේෂණ නිලධාරිනියක ලෙස කටයුතු කරන භාග්‍යා සෙ​ෙනවිරත්න යුවළගේ දියණියක් වන ගයානි සෙ​ෙනවිරත්න මෙනවිය ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හියුමන් ඉවලූෂනරි බයලොජි ඩිපාර්ට්මන්ට් අංශයේ වෛද්‍යවරියක් ලෙස පර්යේෂණ කටයුතුවල යෙදෙමින් සිටියි.

විශේෂයෙන් මිනිසුන්ගේ කොඳුනාරටිය ආශ්‍රිත රෝග, මිනිස් සිරුරේ උකුල් ඇටය ආශ්‍රිත රෝග සහ උපත ලබන බිළිඳුන් මුහුණ දෙන උකුල් ඇටය සම්බන්ධ ආබාධයන් පිළිබඳවත් ඇය පර්යේෂණවල යෙදෙන බව පැවසුවාය.

ගයානි
සෙ​ෙනවිරත්න මෙනවියගේ වැඩිමහල් සොයුරා වූ අෂාන් සෙනවිරත්න මහතා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Telstra ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක ඉංජිනේරුවරයකු ලෙස සේවය කරයි. ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකි. මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක්ද හිමිකරගෙන ඇති ඔහුට ඕස්ට්‍රේලියානු රජය මගින් පුරවැසිභාවය ද ලබා දී තිබේ.
ගයානි සෙ​ෙනවිරත්න මෙනවියගේ බාල සොයුරිය වූ ශලනි සෙ​ෙනවිරත්න ඇමරිකාවේ මැසචුසෙට් ප්‍රාන්තයේ මැසචුසෙට් විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය හද‌ාරන්නීය. තම වෛද්‍ය විද්‍යා පර්යේෂණ සිදුකිරීමට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක ඇරයුමක් ලැබේයැයි ගයානි අපේක්ෂා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03