හලාවත මුහුදු තීරයට පැමිණි දැවැන්තයෙක් නිසා ජනතාව භීතියෙන්

හලාවත බරුදැල්පොළ මුහුදු තීරයේ දින කීපයක සිට සැරිසරන දැවැන්ත කිඹුලකු නිසා එම ප‍්‍රදේශයේ ධීවර ජනතාවට ධීවර කටයුතුවල නිරත වීමේදී දැඩි අවදානම් තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇති බව වාර්තා වනවා.

අඩි පහළොවක් පමණ දිගින් යුත් මෙම දැවැන්ත කිඹුලා දින කීපයක සිට මෙම මුහුදු තීරයේ සැරිසරන බව ධීවරයන් පවසන්නේ.

මීට සතියකට පමණ පෙර ධීවර කටයුතුවල නිරත වන අවස්ථාවේ දැලකට මෙම කිඹුලා හසුවීමෙන් පසු වනජීවී නිලධාරීන්ට දැනුම්දීමට කටයුතු කළ බවත්, වනජීවී නිලධාරීන් ඒ ගැන අවධානයක් යොමු නොකිරීම නිසා නැවත මුදාහැරිය බවද ධීවරයන් කියා සිටිනවා.

කෙසේ වෙතත් කිඹුලා වෙරළ තීරයට නිරන්තරයෙන් පැමිණෙන බවත්, එම අවස්ථාවේ ධීවර ජනතාව වනජීවී නිලධාරීන්ට දුරකථන ඇමතුම් ලබා දුන්නද ප‍්‍රවාහන පහසුකම් නොමැති වීමෙන් පැමිණිය නොහැකි බව ඔවුන් පවසන බවද ධීවරයන් වෝදනා කර සිටිනවා.

රාත‍්‍රී කාලයේ මෙම කිඹුලා වෙරළ තීරයට පැමිණෙන බවත්, තෙප්පන් රැකියාවේ නිරත වන ධීවරයන් උදෑසන ධීවර කටයුතුවලට පිටත්ව යෑම දැන් ගැටලූ සහගත තත්ත්වයක් වී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

මෙම වෙරළේ කුඩා ළමුන් නිරන්තරයෙන් ගැවසෙන අතර බොහෝ දෙනෙක් දිය නෑමට පැමිණෙති. විදේශීය හෝටල් කිහිපයක් ද පිහිටා ඇති මෙම වෙරළ තීරයේ විදේශිකයන් මෙම මුහුදු තීරයේ දිය නෑමට බිය වේ. මේ හේතුවෙන් එම හෝටල්වල රැඳී සිටින ඇතැම් විදේශිකයන් වෙනත් ප‍්‍රදේශවල හෝටල්වලට යෑමට කටයුතු කළ බවද හෝටල් හිමිකරුවන් පැවසුවේ.

පවතින අවදානම් තත්ත්වය මත ධීවර කටයුතු පවත්වා ගැනීම ගැටලූවක් බවත්, කඩිනමින් මෙම කිඹුලා අල්ලාගෙන වෙනත් ප‍්‍රදේශයකට මුදාහැරීමට කටයුතු කරන මෙන් ප‍්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?