හරීන් – මනූෂ පක්ෂයෙන් දොට්ට දැමීම නීත්‍යනුකූලයි – ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි

කැබිනට් අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබෙනවා.

අද (09) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නීත්‍යනුකූල බවයි.

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නා.

මෙම තීන්දුව ලබා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් වන විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් විසින්.

සමගි ජන බලවේගයේ සාමාජිකයින් ව සිටි මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරනු ලැබුවේ පසුගිය වසරේ මැයි 20 වැනි දින යි.

ඒ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර භාර ගැනීමට එරෙහිවයි.

මෙම අමාත්‍යවරුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් සිදු කරනු ලැබුවා.

අදාළ පෙත්සම් විභාග කිරීම 2023 වසරේ ඔක්තෝම්බර් මස 12 වැනි දින ආරම්භ කෙරුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදීයි.

එම පෙත්සම් යොමු කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය (සංචාරක හා ඉඩම් කටයුතු අමාත්‍ය වන්නේ ද හරීන් ප්‍රනාන්දු යි) හරීන් ප්‍රනාන්දු විසින් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී පෙත්සම්කාර මනූෂ නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගත් තීරණය මුළුමනින්ම නීතියට පටහැනි බවයි කියා සිටියේ.

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමේ බලය පැවරී තිබෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පමණක් යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම පක්ෂයේ විනය කමිටුවට හෝ පක්ෂ නායකත්වයට සාමාජිකත්වය අහිමි කිරීමට බලයක් නොමැති බව ද වැඩිදුරටත් අවධාරණය කළා.

පක්ෂයේ විනය කමිටුවට පැවරී තිබෙන්නේ යම් සාමාජිකයකු පක්ෂ ව්‍යවස්ථාව කඩ කළ අවස්ථාවක ඊට එරෙහි ව චෝදනා ගොනු කිරීම හා විමර්ශන සිදු කිරීමක් පමණක් බවයි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ.

තම සේවාදායකයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන තිබිය දී පක්ෂ මහලේකම්වරයාගේ දැනුම්දීමක් අනුව ඔහු පක්ෂයෙන් නෙරපීමට කටයුතු කර ඇති බවත් එම ක්‍රියාව සඳහා පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමි වී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා තවදුරටත් අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.

හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉන් ඉවත් කිරීමේ තීරණය අනුමත කරමින් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මෙම නඩුකරයට කිසිසේත්ම අදාළ නොවන බවත් මෙහිදී මතු වූ ප්‍රශ්න කිරීම් හමුවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් එදින ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය කල් තැබුණු අතර; යළිත් අදාළ පෙත්සම සලකා බලා ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නීත්‍යනුකූල බවට ප්‍රකාශ කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගය, පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් නම් කර තිබුණා.

ඒ අනුවයි ශ්‍රේෂ්ඨාධිකරණය අද දිනයේ දී මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
32
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46