AFC Banner
Empty Ad
Empty Ad

හරීන්ට – මනූෂට එරෙහි ව වසන්තගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරට එරෙහිවයි.

නීතිඥ වසන්ත යාපා බණ්ඩාර අද (25) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ගොස් මෙම පැමිණිල්ල සිදු කළා.

මෙම පැමිණිල්ලට අනුව හරීන්ට සහ මනූෂට එල්ල වී ඇති චෝදනා වන්නේ; එම අමාත්‍යවරුන් දෙදෙනා විසින් ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රාජ්‍ය දේපොළ සහ මුදල් අනිසි පරිදි භාවිතා කරමින් රට සංගීත සංදර්ශන සහ උත්සව පවත්වමින් යන බවයි.

එය අනීතික මැතිවරණ පූර්ව ප්‍රචාරණයක් බවට ද මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර චෝදනා කරනවා.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කොට ගනිමින් තරුණ සේවා සභාවේ මුදල් නාස්තිකාර ලෙස වියදම් කරමින්, වාර්ෂික සැලැස්ම ද පසෙකලා රට පුරා විවිධ සංගීත ප්‍රසංග පවත්වමින්, විදේශ ගායක ගායිකාවන්ට මිලියන ගණන් මුදල් වියදම් කරමින් ඉදිරි මැතිවරණයේ දී තම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියක් සිදු කරන බවටයි අමාත්‍ය හරීන්ට එරෙහි ව ඇති චෝදනාවේ දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?