AFC Banner
Empty Ad
Empty Ad

හරි මගට යන්න ගිය කට්ටිය මහ මගට

පොදුජන පෙරමුණ ර්ලිමෙන්තු පසුපෙල මන්ත්‍රීන්ගෙ මධ්‍ය හමුවක් අද පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පෙන්වා දුන්නේ රටේ ඉන්ධන අර්බුදයක් පවතින බව මවා පාමින් ජනතාව බියට පත් කරන්නේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල බවයි.

උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඩොලර් අර්බුදයක් මවාපාමින් රටට බොරු කියන බවත් රට හරිමගට කියලා එකොළොස් දෙනාගේ කණ්ඩායමට ඔහුද එකතුවී තිබෙන බවද මෙහිදී කියා සිටියා.

” ජනතා විමුක්ති පෙරමුණ තෙල් හා විදුලිය ගැන නෙමේ කතා කරන්නේ ඒගොල්ලන්ගෙ සීයට තුන වැඩි කරගන්නයි. මුළු රටම හරි මඟට කියල කියලා නරිනාටක පෙන්නන්න ඊයේ කට්ටිය ගියා. ගම්මන්පිල ඇමතිතුමා ඩොලර් අර්බුදයක් ගැන කියලා ජනතාවට බොරු කියනවා, ගම්මන්පිල ඇමතිතුමා වගකීම හරියට කරන්න ඕනේ රටට බොරු කියන්න එපා හැමදාම තෙල් ගන්න එතුමාට සල්ලි දීලා තියෙනවා ..අදත් තෙල් නැවට සල්ලි දීලා තියෙනවා” යැයි මන්ත්‍රීවරයා කියා සිටියා.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන ජයතිලක,

” රටේ විශාල ඉන්ධන අර්බුදයක් තියෙනවා සියලු ආර්ථික භාණ්ඩ මත අර්බුදයක් ඇති වෙලා. ඇමතිවරු අර්බුද කළමනාකරණය කරගත යුතුයි. ගම්මන්පිල ඇමතිතුමා මාධ්‍යයට ගිහිල්ලා නොයෙක් අසීරුතා ගැන කතා කරනවා. ඇමැතිතුමාගේ කතා වලට ජනතාව බය වෙනවා. ඒ නිසා තමයි ඉන්ධන පිරවුම්හල් වලට ජනතාව රොක් වෙන්නේ. ප්‍රශ්න වලට පිළිතුරු හොයන්නේ නැතුව මෛත්‍රීපාල එක්ක ගිහිල්ලා රැස්වීම පවත්වනවා.”

මෙහිදී අදහස් දැක්වූ යු.කේ.සුමිත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා,

” වේදිකාවේ හිටියේ රට විනාශ කළ අය. බොහොම විනය පරීක්ෂණයක් කරලා ඒ ඇමතිවරු ඉවත් කරන්න ජනාධිපතිතුමා පියවර ගන්න ඕනේ. කැබිනට් ඇමතිවරයෙක් හැටියට ඇමතිවරු ඇමැතිවරු රාජකාරි හරියට කරන්න ඕනේ. අනවශ්‍ය ඉන්ධන හිඟයක් ගැන කියලා ජනතාව කලබල කරනවා. විමල් වීරවංශ ඊයෙ රජය විවේචනය කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාලසිරිසේන එක්ක එකතු වෙනකොට මිනිස්සු හිනාවෙනවා. තෙල් විදුලි අර්බුදය කුමන්ත්‍රණයක්.” මන්ත්‍රීවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?