හරි මගට යන්න ගිය කට්ටිය මහ මගට

පොදුජන පෙරමුණ ර්ලිමෙන්තු පසුපෙල මන්ත්‍රීන්ගෙ මධ්‍ය හමුවක් අද පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පෙන්වා දුන්නේ රටේ ඉන්ධන අර්බුදයක් පවතින බව මවා පාමින් ජනතාව බියට පත් කරන්නේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල බවයි.

උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඩොලර් අර්බුදයක් මවාපාමින් රටට බොරු කියන බවත් රට හරිමගට කියලා එකොළොස් දෙනාගේ කණ්ඩායමට ඔහුද එකතුවී තිබෙන බවද මෙහිදී කියා සිටියා.

” ජනතා විමුක්ති පෙරමුණ තෙල් හා විදුලිය ගැන නෙමේ කතා කරන්නේ ඒගොල්ලන්ගෙ සීයට තුන වැඩි කරගන්නයි. මුළු රටම හරි මඟට කියල කියලා නරිනාටක පෙන්නන්න ඊයේ කට්ටිය ගියා. ගම්මන්පිල ඇමතිතුමා ඩොලර් අර්බුදයක් ගැන කියලා ජනතාවට බොරු කියනවා, ගම්මන්පිල ඇමතිතුමා වගකීම හරියට කරන්න ඕනේ රටට බොරු කියන්න එපා හැමදාම තෙල් ගන්න එතුමාට සල්ලි දීලා තියෙනවා ..අදත් තෙල් නැවට සල්ලි දීලා තියෙනවා” යැයි මන්ත්‍රීවරයා කියා සිටියා.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන ජයතිලක,

” රටේ විශාල ඉන්ධන අර්බුදයක් තියෙනවා සියලු ආර්ථික භාණ්ඩ මත අර්බුදයක් ඇති වෙලා. ඇමතිවරු අර්බුද කළමනාකරණය කරගත යුතුයි. ගම්මන්පිල ඇමතිතුමා මාධ්‍යයට ගිහිල්ලා නොයෙක් අසීරුතා ගැන කතා කරනවා. ඇමැතිතුමාගේ කතා වලට ජනතාව බය වෙනවා. ඒ නිසා තමයි ඉන්ධන පිරවුම්හල් වලට ජනතාව රොක් වෙන්නේ. ප්‍රශ්න වලට පිළිතුරු හොයන්නේ නැතුව මෛත්‍රීපාල එක්ක ගිහිල්ලා රැස්වීම පවත්වනවා.”

මෙහිදී අදහස් දැක්වූ යු.කේ.සුමිත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා,

” වේදිකාවේ හිටියේ රට විනාශ කළ අය. බොහොම විනය පරීක්ෂණයක් කරලා ඒ ඇමතිවරු ඉවත් කරන්න ජනාධිපතිතුමා පියවර ගන්න ඕනේ. කැබිනට් ඇමතිවරයෙක් හැටියට ඇමතිවරු ඇමැතිවරු රාජකාරි හරියට කරන්න ඕනේ. අනවශ්‍ය ඉන්ධන හිඟයක් ගැන කියලා ජනතාව කලබල කරනවා. විමල් වීරවංශ ඊයෙ රජය විවේචනය කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාලසිරිසේන එක්ක එකතු වෙනකොට මිනිස්සු හිනාවෙනවා. තෙල් විදුලි අර්බුදය කුමන්ත්‍රණයක්.” මන්ත්‍රීවරයා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39