හරිනි අගමැති තනතුරින් ඉවත් කරයි ද ? – රජයේ ස්ථාවරය හෙළිකරයි

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හෝ අග්‍රාමාත්‍ය ධුරයේ වෙනස්වීමක් පිළිබඳව කිසිම අවස්ථාවක ආණ්ඩුව තුළ සාකච්ඡාවක් සිදුකර නොමැති නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (03) දහවල් පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙය විරුද්ධවාදීන් විසින් හෝ අවදානය දිනාගැනීම වෙනුවෙන් ඇතැම් මාධ්‍ය තුළින් මැවූ ව්‍යාජ පුවතක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවත් අග්‍රාමාත්‍ය තනතුරින් හරිනි අමරසූරිය ඉවත්කර ඒ සඳහා බිමල් රත්නායක අමාත්‍යවරයා හෝ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පත්කරනු ඇති බවට පුවතක් පසුගිය දින කිහිපයේ සිට සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍යවල පළවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
12
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?