හර්දික් පාණ්ඩ්‍යා දැඩි පුහුණුවීම්වල

බංග්ලාදේශයට එරෙහිව හෙට (01) නසාවු ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පෙරහුරු තරගයට පෙර ඉන්දීය කණ්ඩායම ලෝක කුසලානය සඳහා ඔවුන්ගේ පළමු පුහුණු සැසිය සඳහා ඊයේ එක් වුණා.

නිව්යෝර්ක් හි කැන්ටියාග් පාරක් හිදී පැවති මෙම පුහුණු සැසිය සඳහා සුපිරි පිතිකරු විරාත් කෝලි එක්ව සිටියේ නැහැ.
ඒ, නිමා වූ අයි.පී.එල් තරගාවලියෙන් පසු ඔහු තරමක දීර්ඝ විවේකයක් ඉල්ලා තිබුම හේතුවෙන්.

මේ අතර විරාත් කෝලි ඊයේ (31) සවස මුම්බායි සිට නිව්යෝර්ක් බලා පිටත්ව ගොස් ඇති අතර, හෙට පැවැත්වෙන පුහුණු තරගය සඳහා ඔහු එක් නොවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ඊයේ පැවති පහුණු සැසියේ දී මේ දිනවල ක්‍රිකට් ලෝකයේ පුවත් මවන්නෙකු බවට පත්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා පැයකට ආසන්න කාලයක් දැඩි පන්දු යැවීමක නිරත වූ බවයි වාර්තා වන්නේ.

ඒ, මේ වනවිට තරමක් පසුබැස ඇති ඔහුගේ පන්දු යැවීමේ හැකියාව වර්ධනය කරගැනීම වෙනුවෙන්.

කෝලි නොමැති නිව්යෝර්ක් හි පැවති ඉන්දීය පුහුණු සැසියේ දී හර්දික් පාණ්ඩ්‍යා ප්‍රධාන තැනක් ගත්ය් අතර, මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා දැල තුළ මිනිත්තු 40කට ආසන්න කාලයක් පන්දු යැවීමේ කාර්යයේ නිරතව සිට ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ හර්දික් සැලකිය යුතු කාලයක් දැල තුළ පිතිකරණයේ ද යෙදෙමින් පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතූර් සමඟ දිගු කතාබහක යෙදී සිටිනු දක්නට ලැබුණු බවයි.

නිමා වූ අයි.පී.එල් තරගාවලියේ දී හර්දික් පාණ්ඩ්‍යා තරඟ 14 කදී ලකුණු 216ක් ලබාගත් අතර, කඩුලු 11ක් ද දවාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?