හර්දික් පාණ්ඩ්‍යා දැඩි පුහුණුවීම්වල

බංග්ලාදේශයට එරෙහිව හෙට (01) නසාවු ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පෙරහුරු තරගයට පෙර ඉන්දීය කණ්ඩායම ලෝක කුසලානය සඳහා ඔවුන්ගේ පළමු පුහුණු සැසිය සඳහා ඊයේ එක් වුණා.

නිව්යෝර්ක් හි කැන්ටියාග් පාරක් හිදී පැවති මෙම පුහුණු සැසිය සඳහා සුපිරි පිතිකරු විරාත් කෝලි එක්ව සිටියේ නැහැ.
ඒ, නිමා වූ අයි.පී.එල් තරගාවලියෙන් පසු ඔහු තරමක දීර්ඝ විවේකයක් ඉල්ලා තිබුම හේතුවෙන්.

මේ අතර විරාත් කෝලි ඊයේ (31) සවස මුම්බායි සිට නිව්යෝර්ක් බලා පිටත්ව ගොස් ඇති අතර, හෙට පැවැත්වෙන පුහුණු තරගය සඳහා ඔහු එක් නොවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ඊයේ පැවති පහුණු සැසියේ දී මේ දිනවල ක්‍රිකට් ලෝකයේ පුවත් මවන්නෙකු බවට පත්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා පැයකට ආසන්න කාලයක් දැඩි පන්දු යැවීමක නිරත වූ බවයි වාර්තා වන්නේ.

ඒ, මේ වනවිට තරමක් පසුබැස ඇති ඔහුගේ පන්දු යැවීමේ හැකියාව වර්ධනය කරගැනීම වෙනුවෙන්.

කෝලි නොමැති නිව්යෝර්ක් හි පැවති ඉන්දීය පුහුණු සැසියේ දී හර්දික් පාණ්ඩ්‍යා ප්‍රධාන තැනක් ගත්ය් අතර, මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා දැල තුළ මිනිත්තු 40කට ආසන්න කාලයක් පන්දු යැවීමේ කාර්යයේ නිරතව සිට ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ හර්දික් සැලකිය යුතු කාලයක් දැල තුළ පිතිකරණයේ ද යෙදෙමින් පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතූර් සමඟ දිගු කතාබහක යෙදී සිටිනු දක්නට ලැබුණු බවයි.

නිමා වූ අයි.පී.එල් තරගාවලියේ දී හර්දික් පාණ්ඩ්‍යා තරඟ 14 කදී ලකුණු 216ක් ලබාගත් අතර, කඩුලු 11ක් ද දවාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21