‘හරක් කටා’ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ නැමැත්තා ලබන ඔක්තෝබර් මස 06 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (26) නියෝග කළා.

2015 ජුනි මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මුල්ලේරියාවේදී අනුර පාලිත පෙරේරා නැමැත්තාගේ නිවසට බලහත්කාරයෙන් ඇතුල්වී ගිනි අවි පෙන්වා නිවැසියන් බියගන්වා රුපියල් ලක්‍ෂ 20ක මුදලක් හා රුපියල් ලක්‍ෂ 4 1/2ක් පමණ වටිනා ත්‍රීරෝද රථයක් කොල්ලකෑම ඇතුළු චෝදනා මත නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩුවක් අද කැඳවනු ලැබුවා.

ඉන් අනතුරුවයි මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත් කළේ

මෙම නඩුව අද පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්තිකාර ‘හරක් කටා’ අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

එම විත්තිකරු රැදවුම් භාරයේ පසුවන බවත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඒ, අනුව නඩුව ඔක්තෝබර් මස 06 වනදා නඩුව විභාගයට ගැනීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16