spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘හරක් කටා’ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ නැමැත්තා ලබන ඔක්තෝබර් මස 06 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (26) නියෝග කළා.

2015 ජුනි මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මුල්ලේරියාවේදී අනුර පාලිත පෙරේරා නැමැත්තාගේ නිවසට බලහත්කාරයෙන් ඇතුල්වී ගිනි අවි පෙන්වා නිවැසියන් බියගන්වා රුපියල් ලක්‍ෂ 20ක මුදලක් හා රුපියල් ලක්‍ෂ 4 1/2ක් පමණ වටිනා ත්‍රීරෝද රථයක් කොල්ලකෑම ඇතුළු චෝදනා මත නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩුවක් අද කැඳවනු ලැබුවා.

ඉන් අනතුරුවයි මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත් කළේ

මෙම නඩුව අද පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්තිකාර ‘හරක් කටා’ අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

එම විත්තිකරු රැදවුම් භාරයේ පසුවන බවත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඒ, අනුව නඩුව ඔක්තෝබර් මස 06 වනදා නඩුව විභාගයට ගැනීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?