හරක් කටාට පනින්න උදව් කළ කොස්තාපල්ගේ නීතිඥවරයාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල කල්ලි සාමාජිකයෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ යන අයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේන් පලා යාමට ආධාර අනුබල දුන්නේ ඇයි කියන හිටපු පොලිස් කොස්තාපල් රවිදු සංදීප ගුණසේකර යන අයට නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ හමුවේ අධි චෝදනා ගොනුකිරීම හා එම අධි චෝදනා සම්බන්ධයෙන් දක්වන ලද මූලික විරෝධතා මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරමින් දෙන ලද තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිඥ ජාලිය සමරසිංහ අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

පසුගිය තුන්වන දින සිය සේවාදායකයා වෙනුවෙන් කරන ලද ඇප ඉල්ලීම නිෂ්ප්‍රභා කරමින් ලබා දෙන ලද තීන්දුව අහෝසි කරන ලෙසත් නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අධි චෝදනා පත්‍රය බල රහිතකරන ලෙසත් එම පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

විත්තිකරු වෙනුවෙන් මතු කරන ලද මූලික විරෝධතා සම්බන්ධයෙන් සාධාරණ හේතු දැක්වීමකින් තොරව ප්‍රතික්ෂේප කරමින් ලබා දුන් නියෝගය අත්තනෝමතික නියෝගයක් වන බවත්, ඔහුට ත්‍රස්තවාදී වැළැක්වියේ පනත යටතේ චෝදනා ගොනු කිරීම මඟින් බරපතල අසාධාරණයක් මෙන්ම පිළියම් කරනවා හැකි ආකාරයේ අගතියක් සිදුවන බවට නීතිඥවරයා එම පෙත්සම මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?