හරක්කටා නිදහස් – නඩුවක් ගොනු කරන්න තරම් සාක්ෂි නෑ

මිනීමැරීමට තැත් කළේ යැයි චෝදනා ලැබ සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා නොහොත් නදුන් චින්තක අදාළ චෝදනාවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා නියෝග කළා.

සැකකරුට එරෙහිව අධි චෝදනාවක් ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්කි නොමැති බවට තීරණය කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළ අතර පැමිණිල්ලේ දෙවැනි සැකකරු ලෙස නම්කර අධිකරණය මගහැර සිටින ටිරාන් ක්‍රිෂාන්ත නොහොත් මංජු යන අයට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන ලෙසට ද ඊයේ (29) නඩුව කැඳවු අවස්ථාවේදී නියෝග කෙරුණා.

නදුන් චින්තක ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය පැවරූ පැමිණිල්ලේ ලඝු නොවන නඩු විභාගයේ සාක්ෂි කැඳවීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළා.

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී 2016 මාර්තු මස 05 වැනි දින කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කර මිනිස් ඝාතනයත් කිරීමට සිදු කිරීමට තැත් කිරීමට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

පැමිණිල්ලේ සැකකරුවන් ලෙස නදුන් චින්තක ,ටිරාන් ක්‍රිෂාන්ත නොහොත් මංජු සහ ජෝසප් කුමාර යන අය නම්කර ඇතිි අතර ජෝසප් කුමාරය යන සැකකරු පැමිණිල්ල විභාගය අතරතුර පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?