හමුදා සෙබළෙකු අනතුරට ලක් කර පළාගිය වාහනයක් සොයා පරීක්ෂණ

සූරියවැව හමුදා කඳවුරේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු අනතුරට ලක්කර පළා ගිය වාහනයක් සොයා පරීක්ෂණ සිදුකරන බව වැලිපැන්න පොලිසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ සූරියවැව යුද හමුදා කඳවුරේ රාජකාරි කරන 43 හැවිරිදි නිලධාරියෙක්. ඔහු හොරවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හෙළිවී තිබෙනවා.

වැලිපැන්න පොලිසිය සහ ගබඩා හන්දිය අතර ප්‍රදේශයේ අද අලුයම අනතුර සිදුව ඇති අතර තුවාලකරු කළුතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.

වැලිපැන්න පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?