හමුදා කඳවුර තුළ සිවිල් බස්රථ රියදුරන් දෙදෙනෙකුගේ ආරවුල ඝාතනයකින් අවසන් වෙයි

තලංගම පොලිස් වසමේ පහලවෙල පාර, නාගහමුල්ල, පැලවත්ත, බත්තරමුල්ල.ලිපිනයේ පිහිටි 14 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු යුද හමුදා කඳවුර තුළ දී ඇති වූ ආරවුලකින් පුද්ගල ඝතනයක් සිදුව තිබෙනවා.

ඊයේ (16) පස්වරුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ යුධ හමුදා ව්‍යාපෘති රාජකාරී සඳහා යොදවා ඇති සිවිල් බස්රථ රියැදුරෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය ලක් වූ රියදුරා සහ තවත් සිවිල් බස්රථ රියදුරෙක් අතර ඇති වූ බහින් බස්වීමකින් පසු මෙම අපරධය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

තියුණු අයුධයකින් හිසට සහ ශරීරයට පහර දී මෙම අපරාධය සිදුකර ඇති අතර, පසුව බරපතල තුවාල ලද පුද්ගලයා යුද හමුදා නිලධාරින් විසින් තලංගම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පුද්ගලයෙක්.

ඝාතනයට අදාළ 28 හැවිරිදි සැකකරු තලංගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය පිළිබදව ඉදිරි විමර්ෂණ කටයුතු තලංගම පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
14
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?