Empty Ad
AFC Banner
Empty Ad

හමාස් සංවිධානය රඳවාගෙන සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකුට නිදහස

ඊශ්‍රායලයේ රඳවාගෙන සිටින පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙක් අද දිනයේ නිදහස් කර තිබෙනවා.

එම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනා රතු කුරුස සංවිධානය වෙත මේ වනවිට භාර දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ප්‍රාණ ඇපකරුවන් තිදෙනා නිදහස්කර භාරදීම සම්බන්ධයෙන් වන ලේඛනවලට රතු කුරුස සංවිධාන නිලධාරීන් විසින් අත්සන් කර ඔවුන්ව භාර ගැනීමට කටයුතු කර තිබෙනවා.

එලි ෂරාබි, ඕහඩ් බෙන් ආමි සහ ඕර් ලෙවි යන ප්‍රාණ ඇපකරුවන් තිදෙනා මෙලෙස නිදහස් කර ඇති අතර, ඔවුන්ව දැකබලා ගැනීමට ඊශ්‍රායල ජාතිකයින් ටෙල් අවිව් හි ප්‍රාණ ඇපකරුවන්ගේ චතුරශ්‍රයේ රැස්ව සිටින බවයි වාර්තා වන්නේ.

ජනවාරි 19 වන දින ආරම්භ වූ ඊශ්‍රායලය සහ හමාස් අතර සටන් විරාම ගිවිසුම යටතේ පලස්තීන සිරකරුවන් 180ක් ඊශ්‍රායල බන්ධනාගාරවලින් නිදහස් කරනු ලැබුවා.

ගිවිසුමේ පළමු අදියරේ දී ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු හමාස් සංවිධානය විසින් නිදහස් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජේ.ආර් ජයවර්ධනගේ මුනුපුරු ප්‍රදීප් ජයවර්ධන සර්වජනයට
02:31
Video thumbnail
සතියෙන් සතියෙන් ලිස්ට් විතරක් එළියට දාලා ඡන්දය දුන්නු මිනිස්සු මුලා කරන්න එපා
08:24
Video thumbnail
අප්පට සිරි මරු නැටිල්ලනේ යකෝ - ගොන් ආතල් දෙන වැඩිහිටියෝ
01:51
Video thumbnail
නාමල් ෆයර් වෙයි - ආණ්ඩුව හානසි කරවයි - ළමයින්ට ගන්න වෙන්නේ ලැම්බොගිනි තමයි
17:53
Video thumbnail
පොලිස්පති හැංගෙයි - ප්‍රශ්න ඇහුවම - නලින්ද ගොළු වෙයි
06:03
Video thumbnail
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අහස පොළොව නුහුලන සිද්ධියක්
16:03
Video thumbnail
මහින්දගේ පැටිකිරිය එළියට - කතරගම කිරිවෙහෙර විහාරාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
01:45
Video thumbnail
විනාඩි 11යි - දිලීත් ලෙෆ්ට් - චතුරංග සැරටම අමතයි #dilithjayaweera
11:23
Video thumbnail
BREAKING NEWS 🔴බටලන්ද වාර්ථාව පාර්ලිමේන්තුවට
04:01
Video thumbnail
බිලියන 500ක් - පොඩි ගාණක් නෙවෙයි - ඇස් උඩ යන අනාවරණයක්
13:46

?