හමාස් සංවිධානය රඳවාගෙන සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකුට නිදහස

ඊශ්‍රායලයේ රඳවාගෙන සිටින පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙක් අද දිනයේ නිදහස් කර තිබෙනවා.

එම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනා රතු කුරුස සංවිධානය වෙත මේ වනවිට භාර දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ප්‍රාණ ඇපකරුවන් තිදෙනා නිදහස්කර භාරදීම සම්බන්ධයෙන් වන ලේඛනවලට රතු කුරුස සංවිධාන නිලධාරීන් විසින් අත්සන් කර ඔවුන්ව භාර ගැනීමට කටයුතු කර තිබෙනවා.

එලි ෂරාබි, ඕහඩ් බෙන් ආමි සහ ඕර් ලෙවි යන ප්‍රාණ ඇපකරුවන් තිදෙනා මෙලෙස නිදහස් කර ඇති අතර, ඔවුන්ව දැකබලා ගැනීමට ඊශ්‍රායල ජාතිකයින් ටෙල් අවිව් හි ප්‍රාණ ඇපකරුවන්ගේ චතුරශ්‍රයේ රැස්ව සිටින බවයි වාර්තා වන්නේ.

ජනවාරි 19 වන දින ආරම්භ වූ ඊශ්‍රායලය සහ හමාස් අතර සටන් විරාම ගිවිසුම යටතේ පලස්තීන සිරකරුවන් 180ක් ඊශ්‍රායල බන්ධනාගාරවලින් නිදහස් කරනු ලැබුවා.

ගිවිසුමේ පළමු අදියරේ දී ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු හමාස් සංවිධානය විසින් නිදහස් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25