Empty Ad
Empty Ad
AFC Banner

හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපයේ සිටි මවකට සහ දියණියකට නිදහස

හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි ඇමරිකානු ජාතික මවක් සහ දියණියක් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

59 හැවිරිදි ජුඩිත් තායි රනාන් සහ ඇගේ දියණිය වන 17 හැවිරිදි නටාලි ඊශ්‍රායලයේ කිබුට්ස් නහාල් ඕස් ප්‍රදේශයේ දී හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබුණා.

මෙම මව සහ දියණිය නිදහස් කිරීමෙන් පසු ගාසා තීරයෙන් පිටවී ඊශ්‍රායල පිහිටි හමුදා කඳවුරක් වෙත කැඳවාගෙන ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර හමාස් සංවිධානයේ මෙම තීරණය පිළිබඳව තමා අතිශයින් සතුටට පත්වන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?